පොඩිවුන් නිතරම අඩනවා.. ඒක ඒ අයගෙ හැටියක්.. අම්මල තාත්තලාගේ ආදරය තියෙන පොඩි අය ඇඬුවට මොකද වෙන්නේ.. ඒත් එහෙම නැති පොඩි අය ලක්ෂ කීයක් ලෝකයේ ඉන්නවද? දුක් විඳින ඒ පොඩ්ඩෝ අඬනවා කියන්නේ නම් දුකක්.
කන්න නැතිව මේ ලෝකයේ කොයි තරම් නම් පොඩි අය අඬනවා ඇත්ද? ඒ ඇඬුම් වලින් පස්සෙත් කන්න මොනවත්ම නැත්නම් ඒ අයට මොනවා හිතෙනවා ඇත්ද? නිහඬවම කඳුළු ගලන පොඩිඑකෙක් මතක් කරගන්න. කොයි තරම් නම් දුකක් ඒ හදවතේ ඇත්ද?
තමන්ව බලාගන්න කෙනෙක් නැති නිසාම දුක්වන අය කොතරම් නම් ඇත්ද? මහා තනිකමක් උන්ගේ ජීවිතයට දැනෙනවා ඇති. ලෝකය තමන්ගේ නගරයෙන්, ගමෙන් එහාට තියෙනවා කියන්නවත් මේ අය දන්නේ නැතිව ඇති, මුළු ජීවිත කාලයම කෑම වෙනුවෙන් වෙහෙසෙන්න ඕන එකක් කියලත් හිතනවා ඇති.
No comments:
Post a Comment