දෝරෙ ගලන වැසි දිය අබියස
බලා සිටිමි මා
ඇත්දැයි ඔබෙ රුව
වැසි දිය මත....
මෝසමෙන් මෝසම
ඒ මතකය දියවෙමින් ඇත.
ආදරයක් වෙනුවෙන් වන නව මතකයක් එයට එකතු වී නොමැත. එනිසාම කහ පැහති මල් පිපෙන ඇහල ගසට මා සහ මාවත අමතකව ඇත. ක්‍රික් නද නංවන පළඟැටියන් ඔහේ වයති, සුපුරුදුව. මා හා එක්ව ගත කල කාලය ගැන ඔවුන්ට නිනවුවක් නැති සේය. කෙතරම් නම් මා ඉවසා ඉන්නද? ලිවීම් සියල්ල ගිලිහී ගොස් ඇත. වියළි සුළං නංවන රජරට කලාපය ද මා අමතකව ගොස් ඇත. මා මතක ඇත්තේ කාටදැයි මා නොදනිමි. මෙවන් දෙයක් පුද්ගලිකව මා කිව යුත්තේ කාටදැයි නොමැතිව මා ලතැවෙමි. වාස්කා මා ළඟ ඇත. වාස්කාට කෙසේ මේවා වැටහේදැයි නොදන්නේ උෟ සිටින්නේ මා නිදා ගන්නා ඇෙඳෙහි බැවිනි. එබැවින් වාස්කාට මේවා කියා පලක් වන්නේ නැත. බොහෝ චරිත මා වටා ඇත. ඒ සියළු චරිත ඇත්තේ කාටුන් වල හෝ වෙනත් තැනක නිසා මා ඔවුන් හා කරන ගණුදෙනුව ගැන ඔබට කියා පලක් වන්නේ නැත. නමුත් මා එකක වෙමි. ඒ මා නැවත යමක් ලිවිය යුතු බව දැනෙමින් ඇති බවයි. ලිවීමට තරම් මාගේ ආධ්‍යාත්මය පොහොසත් වී දැයි දන්නේ ඒවා කියවන අය පමණී. එකක් මා දනිමි. තනිකම අතර සම්බන්ධයක් ඇත්දැයි මා සෙවීමට නොවෙහෙසෙන්නේ මේ වන විටත් මා අධික හිසරදයකින් පෙලෙන නිසාය.
වැසි අවසන්ව ඇත. අවසන් වූ වැසි බිඳු ටික් හඬ නංවමින් පොලවට රිද්මයකට ඇද හැලේ. වළාකුළු වලට ඉහළින් සිට මා දකිමි. සිනාසෙන පොළවක අසිරිය. සුන්දරතාවය කිසි විටෙක කිසිවෙකින් ගිලිහී යන්නේ නැත. එය අප විසින් අත් හරිනවා පමණි. යළි සුන්දරතාවය වෙත ගමන් කිරීමේ සරල මාවත මා හට අවැසිව තිබේ. එනම් යළිත් සරලවීමයි. දුක බරවැඩි වැඩකි. බර වැඩ කල විට හිතද බර වැඩි වන නිසා දුක අත් හරින්නට තීරණය විය යුතු වේ. දිගු කාලීන කල්පනාවන් ද අත් හැරිය යුත් වේ. නමුත් පෙර සේම ගැඹුරින් දැනෙන සිතිවිලි වලට ඉඩ ලබා දිය යුතුය. ආදරය ගැන එවැනි සිතුවිලි ඇති කරන ලද පණ ඇති හදවත් තියෙන ජීවිත මා ඉතා තදින් සිහි කරමි. ඒ පනැති ජීවිත මා වෙනුවෙන් කඳුලැල් හෙලා ඇති බව මා දනිමි. ඒ කඳුලැල් මත ආදරයද දියව තිබුණි. ඒ ආදරයේ කොතරම් නම් පැහයක් තිබුණි ද? අප ඒ දිනවල කීවේ අපේ ආදරය නිසා සැන්දෑ අහස පැහපත් වී ඇති බවයි. ඒ තරමින් හැන්දෑවන් සුන්දරව තිබුණි.
පොඩි එකෙක්ව සිටි මා යළි පොඩි එකෙක් වන්නෙමි. මා හට ද තුරුලක් අවැසිය. වැසි දින නිසා ඒ උණුසුමට මා ද කැමැත්තෙමි. එහි රාගාන්විත දෙයින් පසුව දැනෙන්නේ රැකවරණයක හා ආදරයක උණුසුමකි. එවන් උණුසුම්...
ලියන්න උත්සාහ කරමු......
හරවත් දෑ ලෛයන්න කියන්න හැකි වේවා!
ReplyDelete